වර්ෂ 2019 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 5000 ඉක්මවා තිබේ. ඉන් ප්‍රතිලාභීන් 438 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු.1,430,800/=කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 350,070/= ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු.842,696/=ක්ද, ධීවර කටයුතු සඳහා රු. 80790/= ක්ද අලෙවි සංවර්ධන වැඩසටහන සඳහා රු. 193,800/= ක මුදලක් ද වෙන් කර ඇත.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 43ක ගෙවතු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රු.305,000/=.ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් කාර්යයන් සදහා බැංකුව මගින් ණය ලබා දීමට හදුනාගෙන ඇත.















